ෆ්‍රැන්සිස්කොට් පාලමේ ගිය 6 ක් තවමත් අතුරුදන්

මාර් 27, 2024
    අමෙරිකාවේ බෝල්ටිමෝ නගරයේ ෆ්රැන්සිස්කොට් පාලමේ බහාලුම් නෞකාවක් ගැටීමෙන් ඊයේ සිදුවූ අනතුරින් 6 දෙනෙකු තවමත් අතුරුදන් බව වාර්තා වනවා.
    ඔවුන් සෙවීමේ කටයුතු තවදුරටත් ක්රියාත්මකයි.
    ජලයේ පැවති උෂ්ණත්වය සහ ජලයේ රැඳී සිටි කාලය අනුව, ඔවුන් මේ වන විට මියගොස් ඇතැයි අනුමාන කරන බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකා ප්රධානියා පවසනවා.
     
    මේ අතර, අද අළුයම තවත් දෙදෙනෙකු ජලයෙන් ගොඩට ගෙන තිබෙනවා. එක් අයෙකුගේ තත්වය බරපතල බවයි මාධ්ය වාර්තා සඳහන් කරන්නේ.
     
    අනතුරත් සමග මේරිලන්ඩ් ප්රාන්ත ආණ්ඩුකාරවරයා හදිසි තත්වයක් ප්රකාශයට පත් කොට තිබෙනවා. අනතුර ඊයේ සිදු වූයේ, ඩාලි නමැති සිංගපූරු ධජය සහිත නෞකාව ෆ්රැන්සිස්කොට් පාලමේ කණුවක ගැටීමෙන්.
     
    ඒ සමගම පාලම මුළුමනින්ම කඩා වැටුනු අතර, පාලම මතින් ධාවනය වෙමින් තිබූ රථවාහන කිහිපයක්ද ගගට වැටී තිබෙනවා. ඒවායේ සිටි 20 දෙනෙකුද ගඟට වැටි ඇති බවයි මාධ්ය වාර්තා සඳහන් කළේ.
     
    නෞකාව අදාළ වරායෙන් පිටත් වීමත් සමග එහි ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන්, නෞකාවේ බලය සම්පූර්ණයෙන් අඩපන වූ බවයි වාර්තා වනනේ. එම අවස්ථාවේ නෞකාවේ විදුලි පහන් නිවී ගොස් තිබෙනවා.
     
    පාලනයෙන් මිදුනු නෞකාව පාලම දෙසට ඇදෙමින් තිබූ බව කාර්ය මණ්ඩලය සඳහන් කරනවා. නෞකාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.
     
    බහාලුම් නෞකාව බෝල්ටිමෝ වරායෙන් පිටත්වී දින 27 ක ගමනකින් පසු කොළඹ වරාය වෙත ලඟා වීමට නියමිතව තිබුණා.

    Latest News