මොස්කව් ඛේදවාචකයේ මරණ ඉහළට

මාර් 25, 2024
    ඉකුත් සිකුරාදා රුසියාවේ, මොස්කව් ප්රසංග ශාලාවට එල්ල වූ ත්රස්ත ප්රහාරයෙන් මියගිය සංඛ්යාව 137 දක්වා ඉහළගොස් තිබෙනවා.

    ගිනිගෙන විනාශ වූ එම ප්රසංග ශාලාවේ දැවී ගිය මළ සිරුරු සෙවීම තවදුරටත් ක්රියාත්මකයි.

    පික්නික් රොක් සංගීත කණ්ඩායමේ ප්රසංගයකට මොහොතකට පෙර තුවක්කුකරුවන් පිරිසක් පසුගිය සිකුරාදා සවස ක්රොකස් සිටි හෝල් වෙත කඩා වැදුණා.
     
    ප්රහාරය එල්ල වන මොහාත වන විට නාට්ය ශාලාව බොහෝ දුරට පිරී තිබූ බවයි වාර්තා වන්නේ. ත්රස්තවාදීන් ආරක්ෂකයින් මරා, අමුත්තන්ට වෙඩි තැබූ අතර, පසුව ගොඩනැගිල්ලද ගිනිබත් කළේය.
     
    ප්රහාරය සම්බන්ධයෙන් මේ වන විට සැකපිට 11 දෙනෙකු අත්අංඩංගුවට ගෙන ඇති අතර ප්රහාරය එල්ල කල සිව්දෙනාද ඒ අතර වන බවයි රුසියානු මාධ්ය වාර්තා කලේ. ඔවුන් ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
     
    සැකකරුවන් ටජිකිස්තානයේ ජාතිකයන් බවයි වාර්තා වන්නේ.

    Latest News