යෝධ මිසයිලයට තිත

මාර් 22, 2024
    රුසියාව එල්ල කළ මිසයිල 31 ක් බිම හෙළීමට යුක්‍රේන ගුවන් ආරක්ෂක පද්ධතිය සමත්ව ඇති බව, එරට හමුදාව පවසනවා.

    බිම හෙලුනු මිසයිලවල සුන්බුන් කඩා වැටීමෙන්, කුඩා දරුවෙකු ඇතුළු 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

    මෙය යුක්‍රේනයට සති කිහිපයකට පසු එල්ල වූ විශාලතම රුසියානු මිසයිල ප්‍රහාරයයි.
    යුක්රේනය, රුසියානු දේශසීමා ප්‍රදේශවලට මෑත කාලීනව එල්ල කළ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස, මෙම මිසයිල ප්‍රහාර මාලාව එල්ල කරන්නට ඇති බවයි, යුද විශ්ලේෂකයින් පවසන්නේ.
    කියෙව් අගනුවරට එල්ල කෙරුණු මිසයිල සියල්ලම බිම හෙලීමට එරට ගුවන් ආරක්ෂක පද්ධතියට හැකි වී තිබෙනවා .
    Last modified on සිකුරාදා, 22 මාර්තු 2024 17:10

    Latest News