ඇල්ප්ස් ගොස් අතුරුදන්

මාර් 11, 2024
    ස්විට්සර්ලන්තයේ, ඇල්ප්ස් කඳුකර ප්රදේශයේ හිම මත ලිස්සා යාමේ ක්රීඩාවේ යෙදුනු 6 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. ඔවුන් සොයා මෙහෙයුම් ක්රියාත්මකයි.

    මෙටර්හෝන් කඳුකරයේ සිට ස්විට්සර්ලන්ත-ඉතාලි දේශසීමාව ඔස්සේ අරෝලා කඳුකර ප්රදේශයක චාරිකාවේ යෙදී සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

    ඔවුන් ඉකුත් සෙනසුරාදා සිට අතුරුදන්ව ඇත්තේ, මීටර 3706 ක් උසින් පිහිටි ප්රදේශයකදී. අයහපත් කාලගුණ තත්වය සංචාරකයින් අතුරුදන් වීමට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
     
    අවුරුදු 21 ත් 58 ත් අතර වයස් සීමාවල පසුවන 6 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
     
    ඇල්ප්ස් කඳුකරය අවට දැඩි සුළං සහිත හිමපතනයක් පවතින අතර, එම නිසා මෙහෙයුම් සිදු කිරීම දුෂ්කර වී ඇති බව මුදා ගැනීමේ කණ්ඩායම් පවසනවා.

    Latest News