හූති නෞකාවකට පහර දෙයි

මාර් 07, 2024

    දකුණු යේමනයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

    ප්‍රහාරයෙන් එම නව්කාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව ඇමෙරිකානු බලධාරීන් පවසනවා.

    ප්‍රහාය එල්ල වී ඇත්තේ බාබඩෝස් ධජය සහිත  True Confidence නමැති  භාණ්ඩ ප්‍රවාහන නෞකාවකටයි. ප්‍රහාරයෙන් අනතුරුව නෞකාවේ ගින්නක් හටගෙන ඇති අතර කාර්ය මණ්ඩලය නොමැතිව පාවෙමින් ඇති බවයි එම මුහුදු කලාපයේ ස්ථාපිත ඇමෙරිකානු නාවික බලඇණිය පවසන්නේ.

    ඊශ්‍රායලය සහ හමාස් අතර පවතින යුද්ධයේදී පලස්තීනුවන්ට සහාය දැක්වීම සඳහා මෙම ප්‍රහාර එල්ල කළ බව හූති කැරලිකරුවන් මාධ්‍යට පවසා තිබෙනවා. මැද පෙරදිග යුද මෙහෙයුම් අධීක්‍ෂණය කරන ඇමෙරිකානු මධ්‍යස්ථානය පැවසුවේ ප්‍රහාරයෙන්  භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි.

    තවත් කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවත් තිදෙනෙකුගේ තත්වය බරපතල බවත් එම මධ්‍යස්ථානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඉරානයේ පිටුබලය ලබන හූති කණ්ඩායම කියා සිටියේ True Confidence නව්කාවේ හි කාර්ය මණ්ඩලය හූති නාවික හමුදාවන්ගේ අනතුරු ඇඟවීම් නොසලකා හැර ඇති බවයි.

    Latest News