සන්නද්ධ කල්ලි හයිටි වටලයි

මාර් 06, 2024

    හයිටි රාජ්‍යයේ පෝට්--ප්‍රින්ස් අගනුවර අන්තර්ජාතික ගුවන් තොටුපළ අත්පත් කර ගැනීමට සන්නද්ධ කල්ලි උත්සහ දරනමින් සිටින බව වාර්තා වනවා.

    මේ හේතුවෙන්, එරට ආරක්ෂක අංශ සහ සන්නද්ධ කල්ලි අතර දරුණු ගැටුම් හටගෙන තිබෙනවා.

    හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි, කෙන්නියාවේ චාරිකාව නිම කොට සිය රට බලා යාමට නොහැකිව, කැරීබියානු කලාපයේ පෝටෝ රිකෝ ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

    සනද්ධ කල්ලියේ අරමුණ වී ඇත්තේ විදේස්ගතව සිටින අගමැති ඒරියල් හෙන්රි යළි හයිටියට පැමිණීම වැළැක්වීම බවයි එරට ආරක්ෂක අංශ පවසන්නේ.

    අගමැතිවරයා විදෙස් ගතව සිටින කාලයේ පෝට් ඕ ප්‍රින්ස් අගනුවර සනද්ධ කල්ලි සහ ආරක්ෂක අංශ අතර දරුණු ගැටුම් පැවතුණා.

    සනද්ධ කල්ලි නායකයෙකු, අනෙකුත් සනද්ධ කල්ලි වලින් ඉල්ලා ඇත්තේ, අග්‍රාමාත්‍යවරයා බලයෙන් නෙරෙපිමට පෙළ ගැසෙන ලෙසයි.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, හයිටි රාජ්‍යයේ ගැටුම් හේතුවෙන් 15,000 දෙනෙකු පමණ අවතැන් ව සිටින බවයි.

    Latest News