14 වැනි චීනකොංග්‍රසයේ දෙවැනි සැසිවාරය හෙට සිට

මාර් 04, 2024

    14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය හෙට (5) ඇරඹේ. සමාරම්භක උත්සවය පෙරවරු 9 ට බෙයිජිං අගනුවර මහජන මහශාලාවේ දී පැවැත්වේ.

    සැසිවාරයේ ප්‍රකාශක ලොව් චින්ජියැං මහතා මේ බව  ප්‍රකාශ කළේය. ඒ, 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය පිළිබඳව අද (4) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි. හෙතෙම එහිදී සැසිවාර න්‍යාය පත්‍රය සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ කටයුතු සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍යවේදීන් දැනුවත් කළේය.

    මෙවර සැසිවාරය හෙට (5) සිට ලබන 11 වැනිදා දක්වා දින 7 ක් පුරා පැවැත්වෙන අතර, එම කාලය තුළ දී  ප්‍රධාන රැස්වීම් 3 ක් පැවැත්වීමට නියමිත ය.

    එසේම සැසිවාරයේ සූදානම පිළිබඳ රැස්වීම ද අද පෙරවරුවේ පැවැත්විණ. සැසිවාර න්‍යාය පත්‍ර කෙටුම්පත එහිදී සම්මත කරනු ලැබීය. රාජ්‍ය කාර්ය වාර්තාව පරීක්ෂා කොට සාකච්ඡා කිරීම සහ 2024 ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන සැලසුම් කෙටුම්පත සමාලෝචනය ඇතුළු කාර්යයන් හතක් එම න්‍යාය පත්‍රයට ඇතුළත් වේ.

    Last modified on සදුදා, 04 මාර්තු 2024 15:17

    Latest News