සටන් විරා­ම­යක් ඉල්ලූ සින­මා­ක­රුට මරණ තර්ජන

පෙබ 29, 2024

    ගාසා  තීරයේ වර්ණ­භේ­ද­වා­දය හෙළා දකින බව­ටත්, වහාම සටන් විරා­ම­යක් ප්‍රකා­ශ­යට පත්  කළ යුතු බව­ටත් ජර්ම­නියේ බර්ලින් නුවර පසු­ගි­යදා පැවැති බර්ලින් ජාත්‍ය­න්තර  චිත්‍ර­පට උලෙ­ළේදි ප්‍රකාශ කළ ඊශ්‍රා­යල චිත්‍ර­පට අධ්‍යක්ෂ යූවාල් ඒබ්‍ර­හම්ට  මරණ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

    බර්ලින් චිත්‍ර­පට  උලෙ­ළේදී පල­ස්තීන චිත්‍ර­පට අධ්‍යක්ෂ බාසෙල් ඇඩ්‍රා සමඟ එක්ව ඔහු විසින්  නිර්මා­ණය කරනු ලැබූ ‘No Other Land‘ හොඳම වාර්තා චිත්‍ර­ප­ට­යට හිමි සම්මා­නය  දිනා ගත්තේය. එම චිත්‍ර­ප­ටය ඊශ්‍රා­යල බල­ධා­රින් අත්පත් කර­ගත් පල­ස්තීන භූමියේ  ජන­තාව සහ නිවාස ඉවත් කිරීම පාදක කර­මින් නිර්මා­ණය වී ඇති අතර, සම්මාන  ලැබී­මෙන් පසු ඔහු විසින් එම ප්‍රකා­ශය සිදු කර තිබෙනවා.

    මරණ තර්ජන එල්ලවීම  හේතු­වෙන් බර්ලි­නයේ සිට නැවත ඊශ්‍රා­ය­ලය බලා යෑමට ගත් ගුවන් ප්‍රවේ­ශ­ප­ත්‍රය අව­ලංගු කළ බවත්, එම ප්‍රකා­ශ­යෙන් පසු ආයුධ සන්නද්ධ මැර පිරි­සක් ඔහු සොයා ඊශ්‍රා­ය­ලයේ පිහිටි ඔහුගේ නිවෙ­සට ගොස් ඇති බවත් යූවාල් ඒබ්‍ර­හම් මාධ්‍ය­යට ප්‍රකාශ කර තිබෙනවා.

    Latest News