ප්‍රංශ වෙරළ ගිල ගත් බෝට්ටුව

පෙබ 29, 2024
    ප්‍රංශ වෙරළට ආසන්න මුහුදේ දී සංක්‍රමණික බෝට්ටුවක් අනතුරට ලක්ව තිබෙනවා. කාන්තාවක මියගොස් ඇති අතර, තවත් දෙදෙනෙකු අතුරුදන් ව ඇති බවයි,
    ප්‍රංශ සමුද්‍ර බලධාරින් පවසන්නේ. අනතුර සිදු වන අවස්ථාවේ බෝට්ටුවේ සංක්‍රමණිකයින් 50 දෙනෙකු පමණ සිටි බව, වාර්තා වනවා.
     
    අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. ප්‍රංශ නාවික යාත්‍රා දෙකක් සහ හෙලිකොප්ටර යානයක් ඊට යොදා තිබෙනවා.
    බෝට්ටුවේ සිටි සෙසු පිරිස ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් ඇති බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.
    අනවසර සංක්‍රමණිකයින් 180 දෙනෙකු ඊයේ බෝරා ගත් බව, ප්‍රංශ නාවික බලධාරින් ප්‍රකාශ කරනවා. යුරෝපා කාලාපයට අනවසර සංක්‍රමණිකයින්ගේ පැමිණීමේ වර්ධනයක් පවතිනවා.
    මේ වසරේ මේ දක්වා යුරෝපා වෙරළ තීරයට පැමිණ ඇති සංක්‍රමණිකයින්ගේ 2,000 කට වැඩි බවයි, හෙළි වී ඇත්තේ.
     
     
    Last modified on බ්‍රහස්පතින්දා, 29 පෙබරවාරි 2024 09:51

    Latest News