මොංගෝලියාවේ සතුන් මිලියන 2ක් ජීවිතක්ෂයට

පෙබ 27, 2024

    මෙවර ශීත සෘතුවේදී මේ දක්වා මොංගෝලියාවේ සතුන් මිලියන දෙකකට වඩා මිය ගොස් ඇති බව රජයේ නිල ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

    ඉකුත් දෙසැම්බර් සිට මේ දක්වා දරා ගත නොහැකි දරුණු සීතලෙන් සහ හිම පතනයෙන් එරට පීඩා විඳිනවා. ඇතැම් ප්‍රදේශ වල උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 50 (ෆැරන්හයිට් සෘණ 58) ක තරම් පහල අගයක පවතිනවා.

    බොහෝ සතුන් කුසගින්න සහ අධික සීතල දරා ගත නොහැකිව මිය ගොස් සිටන අතර බැටළුවන්, එළුවන්, අශ්වයන් හා එළදෙනුන් ඇතුළුව 2023 වසර අවසන් වන විට එරට සත්ව ජනගහනය මිලියන 64.07 ක් සිටි බව නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.


    කෙසේ වෙතත් ලෝක දේශගුණික විපර්යාස වල තීව්‍රතාවය ක්‍රම ක්‍රමයෙන් වැඩි වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.

    Latest News