60 ක් මිය ගිය මිසයිලය

පෙබ 22, 2024
    නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් හි වොල්නොවානා ප්රදේශයේ හමුදා පුහුණු මධ්යස්ථානයකට එල්ල වූ මිසයිල ප්රහාරයකින් රුසියානු සෙබළුන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    එම පුහුණු මධ්යස්ථානය ඉලක්ක කොට ගෙන යුක්රේන හමුදා හිමාස් මිසයිල දෙකක් එල්ල කළ බවයි, වාර්තා වන්නේ.

    පුහුණ මධ්යස්ථානයට ජ්යේෂ්ඨ අණදෙන නිලධාරියෙකුගේ පැමිණීම සඳහා එම ප්රදේශය රුසියානු හමුදා භට පිරිස් රැස්ව සිටි අවස්ථාවක, මෙම ප්රහාරය එල්ල වී තිබෙනවා.
     
    යුක්රේන ගුවන් ප්රහාරයක් එල්ල වූ බවට රුසියානු ආරක්ෂක අංශ එය තහවුරු කොට තිබෙනවා. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ ආරක්ෂක අමාත්ය සර්ගේ ෂොයිගු අතර හමුවීමකට පැය කිහිපයකට පෙර මෙම ප්රහාරය එල්ල වී ඇති බවයි, වාර්තා වන්නේ.
     
    යුක්රේන හමුදාව ප්රහාරය සඳහා යොදා ගනු ලැබූ හිමාස් මිසයිල අමෙරිකාවේ නිෂ්පාදිත ඒවා බවයි, වාර්තා වන්නේ.

    Latest News