සහයෝගයෙන් රජයක්

පෙබ 21, 2024
    තමන් එකට එක්ව රජයක් පිහිටුවන බව පකිස්ථාන මුස්ලිම් ලීගය සහ පකිස්ථාන මහජන පක්ෂය පවසනවා. එම පක්ෂ දෙක සඳහන් කරන්නේ, ඒ සඳහා පූර්ණ එකඟතාවකට පැමිණ ඇති බවයි.

    සභාගය රජයක් පිහිටුවීම සඳහා මූලික ගිවිසුමකට එළැඹීමෙන් දින හයකට පසුව පකිස්ථාන මුස්ලිම් ලීගය සහ මහජන පක්ෂය මෙලෙස සම්පූර්ණ එකඟතාවයකට පැමිණ තිබෙනවා.

    පසුගියදා පැවති මහ මැතිවරණයෙන් හිටපු අගමැති නවාස් ෂරීෆ් ගේ නායකත්වයෙන් යුත් මුස්ලිම් ලීගයට ආසන 75ක් හිමිවූ අතර බිලාවල් භූතෝ නායකත්වය දුන් මහජන පක්ෂයට හිමිවූ ආසන සංඛ්යාව 54ක්.
     
    ඒකාබද්ද මාධ්ය හමුවකට එක්වෙමින් බිලාවල් භූතෝ සඳහන් කළේ. පකිස්ථානයේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව සභාග ආණ්ඩුවේ අරමුණ බවයි.
     
    මාධ්ය හමුවේදී මුස්ලිම් ලීගය වෙනුවෙන් නවාස් ෂරීෆ් ගේ සොහොයුරා වන ෂෙබාෂ් ශරීෆ් අදහස් පළ කළා.
     
    ඔහු කියා සිටියේ, ආර්ථික සහ අනෙකුත් අභියෝගවලට මුහුණ දීම සඳහා සාමූහික ක්රියාමාර්ගයක් ගැනීම සභාග ආණ්ඩුවේ අපේක්ෂාව බවයි.
     
    කාන්තාවන් සහ ආගමික සුළුතර නියෝජිතයින් සඳහා වෙන් කර ඇති ආසන බෙදා හැරීමෙන් පසු, මෙම සභාග රජයට ආණ්ඩු කිරීමට පාර්ලිමේන්තුවේ ප්රමාණවත් සහයෝගයක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.
     
    මෙම පක්ෂ දෙක මිට පෙර 2022 වසරේදී සන්ධාන ගත වී සභාග ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා.
    Last modified on බදාදා, 21 පෙබරවාරි 2024 11:14

    Latest News