ජපානයේ Sticky Rice කන්න කැමති අයට වාසියක්

පෙබ 21, 2024
    වගා කටයුතු ඇරඹීම හා අස්වනු නෙලීම සඳහා ජපානය විසින් භාවිතා කරන තාක්ෂණික හුවමාරු වැඩපිළිවෙළක් අරඹන්නැයි, කෘෂිකර්ම අමාත්යවරයා ජපාන රජයෙන් ඉල්ලීමක් කරනවා.

    ජපානයේ කෘෂිකර්ම අමාත්ය Norikasu Suzuki මහතා සහ කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා සමග ඊයේ (20) ද්විපාර්ශ්වික සාකච්ඡාවක් කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වුණා.

    මෙරට කෘෂිකර්මාන්තයේ නවීකරණය සම්බන්ධව ආසියා පැසිපික් කලාපීය රටවල් සමග තාක්ෂණික හුවමාරු වැඩපිළිවෙළක් ඇරඹීමට අමාත්යවරයා ඊයේ (20) යෝජනා කළා.
     
    එහිදී සාකච්ඡා කළ කරුණු අනුව දැනට අප රටේ වී වගාවේ හෙක්ටයාර් එකකට ලැබෙන අවම අස්වැන්න සම්බන්ධව කරුණු දැක්වූ අමාත්යවරයා මෙරට කෘෂිකර්මාන්තය සඳහා තවමත් නිසි පරිදි නව තාක්ෂණය යොදා නොගැනීම අස්වනු අඩුවීමට හේතුවක් වී ඇතැයි සඳහන් කළා.
     
    ඊට පිළියමක් වශයෙන් ජපාන කෘෂි තාක්ෂණික හුවමාරු වැඩසටහනක් ආරම්භ කිරීමට ද අවධානය යොමුවුණා.
     
    අප රටේ වගා කරන අඹ, අන්නාසි වැනි පලතුරු ජපානයට අපනයනය කිරීම සඳහා දැනට පවතින බාධා සම්බන්ධවත්, කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම, පශු සම්පත් සංවර්ධනය සඳහා ජපානය භාවිතා කරන නව තාක්ෂණික උපක්රම මෙරට ගොවීන්ට ලබා දීම සම්බන්ධව ද සාකච්ඡා කෙරුණා.
     
    එමෙන්ම මෙරට සුපිරි හෝටල්වල සංචාරකයින් සඳහා යොදා ගන්නා ජපානයේ ඉටි හාල් Sticky Rice ආනයනය සඳහා දැනට පවතින ආනයන සීමා ලිහිල් කරන්නැයි ජපාන කෘෂිකර්ම අමාත්යවරයා ඉල්ලීමක් කළා.
     
    මේ අතර පිලිපීනයේ කෘෂිකර්ම ලේකම් Francisco Tiu Laurel Jr මහතා ඇතුළු නිලධාරින් කන්ඩායමක් සමග ද අමාත්යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා.
     
    විශේෂයෙන් පිලිපීනයේ සහල් පර්යේෂණ කටයුතු ඉතා සාර්ථක බැවින් එම පර්යේෂණ විධික්රම හුවමාරු වැඩපිළිවෙළක් සම්බන්ධව ද මෙහිදී අදහස් හුවමාරු කර ගනු ලැබුවා.
    37 වැනි ආසියා පැසිපික් කළාපීය සමුළුවේ අවසන් දිනය අදයි.
     
    අද දිනය තුළ ද රටවල් හතක් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත අතර පැමිණ සිටින කෘෂිකර්ම අමාත්යවරු විශාල පිරිසක් හෙට දින (22) බටඅත කෘෂිකාර්මික උද්යානය නැරඹීමට එහි යාමට නියමිතයි.

    Latest News