ජීවිත රැසක් අහිමි කළ ගෝත්‍රික ගැටුම

පෙබ 19, 2024
    පැපුවා නිව්ගිනියාවේ ගෝත්‍රික කණ්ඩායම්වල ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 53 දෙනෙකු සමූලඝාතනය වී ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
    අදාළ ගැටුම හටගෙන ඇත්තේ පැපුවා නිව්ගිනියාවේ එංගා පලාතේ ගෝත්‍රික ජන කොටස් දෙකක් අතරයි.
    එක් ගෝත්‍රික කණ්ඩායමක් ඔවුන්ගේ සටන් කරුවන් සහ කුලී හේවායින් රැගෙන අනිත් ගෝත්‍රික කණ්ඩායම වාසය කරන ජනපදයට පහර දී තිබෙනවා. බලධාරීන් කළ සෝදිසි මෙහෙයුමකින් මළ සිරුරු 53 පමණ සොයා ගැනීමට හැකි වුණා.
    ගැටුම හටගත් ස්ථානය අසල ඇති මාර්ග සහ ගං ඉවුරු ආසන්නයේ තිබූ මළ සිරුරු ට්‍රක් රථ මගින් රෝහල් වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා. බලධාරීන් පවසන්නේ මියගිය පිරිස ඉහළයා හැකි බවයි.
    පැපුවා නිව්ගිනියාව දකුණු පැසිෆික් සාගරයේ මූලෝපායික වශයෙන් වැදගත් සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක්. එය මිලියන 10 ක ජනගහනයකින් සමන්විතයි.
    එය ආසන්නතම අසල්වැසියා ලෙස පැපුවා නිව්ගිනියාවට සහය වීමට තම රජය සූදානම් බව ඕස්ට්‍රේලියානු අගමැති “ඇන්තනි ඇල්බනීසි” ප්‍රකාශ කර තිබෙනවා.

    Latest News