හිම කුණාටුවක් කළ හදියක්

පෙබ 14, 2024
    අමෙරිකාවේ නිව්යෝර්ක් නගරය සහ ඊසානදිග ප්‍රාන්ත කිහිපයකට ප්‍රබල හිම කුණාටුවකින් බලපෑම් එල්ල වී තිබෙනවා.
    ප්‍රාන්ත රැසක ගුවන් ගමන්ද අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.
     
    හිම කුණාටුවේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයටයි. එහි නිවාස 85000කට පමණ විදුලිය විසන්ධි වී තිබෙනවා.

    නිව්යෝර්ක් හි ලාගාර්ඩියා ගුවන්තොටුපළේ ගුවන් ගමන් වාර 226 ක් සහ නෙවාර්ක් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් 150 ක් අවලංගු කර කෙරුණා.

    ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළේද ගුවන් ගමන් 115 ක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
     
    නිව් ජර්සි ප්‍රාන්තයේ විදුලිය විසන්ධ වී ඇති නිවාස සංඛ්‍යාව 12,000 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
    වසර දෙකකට පසු ඊසානදිග ඇමෙරිකාවට බලපෑ ප්‍රබලතම හිම කුණාටුව මෙය බව එරට කාලගුණ මධ්‍යස්ථානය පවසනවා.
    Last modified on බදාදා, 14 පෙබරවාරි 2024 10:17

    Latest News