බහුතරයට එකමුතුව

පෙබ 12, 2024
    පාකිස්ථානයේ, හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පකිස්ථාන මුස්ලිම් ලීගය සහ බිලාවල් භූතෝ සර්දාරිගේ පකිස්ථාන ජාතික පක්ෂය සන්ධානගතවීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂ දෙකම කියා සිටින්නේ, දේශපාලන ස්ථාවරත්වයක් සඳහා එක්ව කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවයි.

    සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් මැතිවරණයෙන් පළමු ස්ථානයට පැමිණීමෙන් පසු පාකිස්තානයේ දෙවන සහ තුන්වන දේශපාලන කණ්ඩායම් මෙලෙස සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වී තිබෙනවා.

    හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පකිස්ථාන මුස්ලිම් ලීගය ආසන 75 ක් ලබා දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර, බිලාවල් භූතෝ සර්දාරිගේ පකිස්තාන ජාතික පක්ෂය ආසන 54 ක් ලබා තෙවැනි ස්ථානයට පත්ව සිටිනවා. එම දෙපාර්ශවය එක් වුවත් රජයක් පිහිටුවීමට අවශ්‍ය සරළ බහුතරය වන ආසන 169 සපිරී නැහැ.
    අගමැති අපේක්ෂකයෙකු මන්ත්‍රීවරුන් 266 දෙනෙකුගෙන් යුත් ජාතික සභාව තුළ ආසන 169ක සරල බහුතරයක් පෙන්විය යුතුයි. එහෙත්, කිසිදු පක්ෂයකට සරල බහුතරයක් ලැබී නොමැති බැවින් සභාග රජයක් පිහිටුවීම සඳහා විවිධ පක්ෂ අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා.
    2022 දී ද ඉම්රාන් ඛාන් බලයෙන් පහ කිරීම සඳහා හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පක්ස්තාන මුස්ලිම් ලීගය සහ බිලාවල් භූතෝ සර්දාරිගේ පකිස්තාන ජාතික පක්ෂය දෙක සන්ධානයක් පිහිටුවා පසුගිය අගෝස්තු දක්වා පාලනය ගෙන ගියා.
    මැතිවරණයට සහභාගි වීම අවහිර වූ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි සහ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පීඑම්එල්එන් යන පක්ෂ දෙකම පවසන්නේ තමන්ට රජයක් පිහිටුවීමට අවශ්‍ය බවයි.

    Latest News