චිලී ඇවිලී 46ක් ජීවිතක්ෂයට

පෙබ 04, 2024

    චිලි රාජ්‍යයේ ඇති වූ ලැව් ගින්නකින් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    තවත් 200කට අධික පිරිසක් අතුරුදන් බවයි, වාර්තා වන්නේ.

    ලැව් ගින්න බලපා ඇත්තේ චිලී රාජ්‍යයේ මධ්‍යම හා දකුණු ප්‍රදේශවලටයි. මේ වනවිට හෙක්ටයාර 43,000කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී ගොසින්.

    පවතින දැඩි උෂ්ණත්වය හා තද සුළං හේතුවෙන් ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බව, ආරක්ෂක අංශ පවසනවා.

    පවතින තත්වය හමුවේ මධ්‍යම හා දකුණු ප්‍ර‍දේශවලට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමටද බලධාරින් විසින් පියවරගෙන තිබෙනවා.

    ගින්නෙන් බොහෝ පිරිසක් දැඩි පිළිස්සුම් තුවාල ලබා ඇති බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට ‍සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

    විපතට පත් පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුම්  අඛණ්ඩව ක්‍රියාත්මකයි. 

    Latest News