ගෑස් පිරවුම්හලක් පුපුරයි

පෙබ 02, 2024
    කෙන්යාවේ ගිනිකොණදිග නයිරෝබි නගරයේ ගෑස් පිරවුම් කම්හලක සිදු වූ පිපිරීමකින් සහ ඒ සමග ඇති වූ ගින්නකින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.
     
    300 දෙනෙකු දරුණු පිළිසුම් තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ. අනතුරෙන් මිය ගිය පිරිස තවත් ඉහළ යා හැකි බව, එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
    ගින්න හට ගැනීමට පෙර කම්හලේ තිබූ ගෑස් සිලින්ඩර නැවත පිරවීමකට ලක් කරමින් තිබූ බව, එහි බලධාරීන් පවසනවා. .
     
    ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ, ගින්නට හේතුව මෙතෙක් පැහැදිලි නොමැති බවයි. පිපිරීමත් සමග හට ගත් දැඩි කම්පනයෙන් බොහෝ පිරිසක් රෝහල් ගත කොට තිබෙනවා. ගින්න අසළ මහල් නිවාස සංකීර්ණයක්ද පුපුරා තිබෙන බවයි වාර්තා වන්නේ.

    Latest News