දකුණු කොරියාවේ විපක්ෂ නායකට පිහි ප්‍රහායරක්

ජන 02, 2024
    දකුණු කොරියාවේ විපක්ෂ නායකයාට පිහි ඇනුමක් සිදුව තිබෙනවා. ඒ, බුසාන් නගරයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී.

    ලී ජේ මියුන්ග් හට අද උදෑසන එල්ල වූ පිහි ප්රහාරයෙන් ඔහුගේ බෙල්ලේ වම් පැත්තට හානි සිදු වී ඇති බවයි, වාර්තා වන්නේ.

    පහර දුන් පුද්ගලයා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගැනුණා. තුවාලය, විපක්ෂ නායකවරයාගේ ජීවිතයට තර්ජනයක් නොවන බව, පොලිසිය පවසනවා. වයස අවුරුදු 50ක් 60ක් පමණ වන පිරිමි පුද්ගලයෙකු වන ප්රහාරකයා, ලී මහතා ගෙන් සමරු සටහනක් ඉල්ලා සිටිමින් ඔහු අසළට ‌ෙගාස් මෙම ප්රහාරය එල්ල කර තිබෙනවා.
     
    කෙසේ වෙතත්, ප්රහාරය එල්ල වූ වහාම අසළ සිටි පිරිස් ප්රහාරකයා මැඩපවත්වා ඇති අතර, විපක්ෂ නායකයාව වහාම හෙලිකොප්ටරයකින් රෝහලට ගෙන ගොස් තිබෙනවා. දකුණු කොරියා විපක්ෂ ප්රකාශකයෙකු පැවසුවේ, ලී මහතාට ශල්යකර්මයකට භාජනය වීමට සිදුවනු ඇති බවයි.
     
    59 හැවිරිදි ලී මහතා දැනට දකුණු කොරියාවේ ව්යවස්ථාදායකයේ ඉන්චියොන් හි ආසනයක් නියෝජනය කරන අත‌ර, ඔහු අප්රේල් මාසයේදී පැවැත්වෙන මීළඟ මහ මැතිවරණයේදී ආසනයක් සඳහා තරග කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා.

    Latest News