පලස්තීනුවන් දහස් ගණනක් රෆා පිවිසුම වෙත

දෙසැ 08, 2023
    දකුණු ගාසා තීරයට එල්ල වන ඊශ්රායල ප්රහාර හමුවේ පලස්තීනුවන් දහස් ගණනක පිරිසක් රෆා පිවිසුම් ප්රදේශයට පැමිණෙමින් සිටින බව වාර්තා වනවා. විදෙස් මාධ්ය සඳහන් කරන්නේ, මේ වන විට එම ප්රදේශයට ආහාර සහ විදුලිය නොමැති අතර, ජනතාව උග්ර ජල හිගයකටද මුහුණපා සිටින බවයි.

    දහස් ගණනක පිරිසක් දකුණු ගාසා තීරයේ ඊජිප්තු දේශසීමා ආසන්නයේ රෆා ප්රදේශයට රැස් වෙමින් සිටිනවා. ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැකවරණය ලබන පාසල් වෙත යාමට උත්සහ කළද එහි ඉඩ නොමැතිවීම නිසා එළිමහනේ රැඳී සිටීමටයි සිදුව ඇත්තේ.

    ගාසා තීරයේ දරුණු ගැටුම් හේතුවෙන් සෞඛ්ය පහසුකම් සහ අනෙකුත් මානුෂීය ආධාර බෙදාදීමේ ක්රියාවලිය ශීඝ්රයෙන් අඩාල වෙමින් පවතිනවා.
     
    එක්සත් ජාතීන්ගේ ආධාර ප්රධානී මාටින් ග්රිෆික්ස් පවසන්නේ, යුද්ධයෙන් විනාශ වූ පලස්තීන ප්රදේශවලට තවත් මානුෂීය ආධාර කඩිනමින් සැපයීමට ඊශ්රායලයේ කරීම් අබු සලීම් හරස් මාර්ගය වහා විවෘත කළ යුතු බවයි.
     
    දැනට එම ආධාර රෆා හරස් මාර්ගය ඔස්සේ ගාසා තීරයට ලඟා වුවද නව පිවිසුම විවෘත කරන්නේ නම්, මානුෂීය මෙහෙයුම් සහ සැපයුම් කඩිනම් කිරීමට ඉඩ සැලසෙන බව ඔහු පෙන්වා දෙනවා. මේ අතර, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුද්ධයෙන් අවතැන්ව සිටින පලස්තීන වැසියන්ට මානුෂීය ආධාර සැපයීමේ අවශ්යතාව ජෝර්දානයේ අබ්දුල්ලා රජු හමුවේ අවධාරණය කළා.

    Latest News