අදත් වැසි වාර කිහිපයක්

දෙසැ 08, 2023
    අද (08) දිනයේ දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු1.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

    ඒ අනුව මධ්යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ කුරුණෑගල දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක් තද වැසි ඇති බව එම නිවේදනයේ සඳහන් වනවා.

    නැගෙනහිර පළාතේ උදැසන කාලයේදී ද වැසි වාර කිහිපයක් ඇති වනවා.
    සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද පෙන්වා දෙනවා.
     
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවරගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News