ගාසා හි මානුෂීය බිඳවැටීමක්

දෙසැ 07, 2023
    ගාසා තීරයේ මානුෂීය පද්ධතිය දරුණු ලෙස බිඳවැටිය හැකි බවට, එක්සත් ජාතීන්ගේ මහලේකම්, ඇන්තෝනියෝ ගුටරේස් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවලට ඍජුව අනතුරු ඇඟවීම් සිදුකොට තිබෙනවා.

    මේ වනවිට ගාසා තීරය මුහුණ පා ඇති අවදානම් තත්වය හමුවේ ඊශ්රායල හමුදා අඛණ්ඩව බෝම්බ හෙලීම සහ අත්යාවශ්ය සැපයුම් නොමැතිකම හේතුවෙන් මහජන සාමය සම්පූර්ණයෙන්ම බිඳවැටෙනු ඇතැයි, ගුටරේස් ප්රකාශ කොට සිටිනවා.

    වසංගත රෝග ශීඝ්රයෙන් පැතිර යා හැකි අතර අවතැන්වීම් වැඩි වශයෙන් වාර්තා වීම අසල්වැසි රටවලට ද දැඩි පීඩනයක් සිදුවිය හැකි කරුණක් බව, ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.
     
    ඊශ්රායල විදේශ අමාත්ය එලී කොහෙන්, මහ ලේකම්වරයාගේ ධුර කාලය ලෝක සාමයට අනතුරක් බව පවසමින්, ඔහුව දැඩි ලෙස විවේචනය කොට තිබෙනවා. මේ අතර දකුණු ගාසා තීරයේ මානුෂීය බිඳවැටීම් සහ වසංගත පැතිර යාම වැළැක්වීමේ අරමුණෙන් අවම ඉන්ධන අතිරේකයක් ලබාදීමට ඊශ්රායල රජය එකඟතාව පළ කොට ඇති බව වාර්තා වනවා.
     
    උතුරු ගාසා තීරයේ පදිංචිකරුවන් ලක්ෂ 8 කට සෞඛ්ය පහසුකම් සඳහා කිසිදු මාර්ගයක් නොමැති බව හමාස් පාලන සෞඛ්ය අමාත්යාංශය ප්රකාශ කොට සිටිනවා. ඊශ්රායල හමුදාව උතුරු ගාසා තීරයේ සියලුම වෛද්ය පහසුකම් ඉවත් කොට ඇති බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.

    Latest News