ගාසා ලෙයින් තෙත් වූ තවත් දිනක්

දෙසැ 06, 2023
    ඊශ්‍රායල හමුදා ඊයේ දකුණු ගාසා තීරයේ දැවැන්ත ගොඩබිම් ප්‍රහාර රැසක් සිදු කොට තිබෙනවා. ඉකුත් ඔක්තෝබර් මස ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දින සිට මෙතෙක් සිදු කළ දරුණුතම ප්‍රහාරක දිනය මෙය ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    ගාසා තීරයට එල්ල කරන ගොබිම් ප්‍රහාර හමුවේ ඊශ්‍රායල හමුදා ඛාන් යුනිස් නගරය මධ්‍යයේ සිටින බව වාර්තා වනවා.

    ඊශ්‍රායල හමුදාව විශ්වාස කරන්නේ, හමාස් නායකයින් රැසක් එහි සැඟව සිටින බවයි. දකුණු ගාසා තීරයේ යළි සටන් ඇරඹීම සාගිනි අර්බුදය තිව්‍ර කිරීමක් ලෙස එක්සත් ජාතීන්ගේ ආධාර ඒජන්සිය පෙන්වා දෙනවා.
    ගාසා තීරය කිසිදු ආරක්ෂිත කලාපයක් නොවන අතර, ආහාර බෙදාහැරීම ද බොහෝ අසීරු මෙන්ම සේවකයින්ගේ ජීවිත අනතුරුදායක තත්වයක පවතින බවයි එම ඒජන්සිය කියා සිටින්නේ. යුද ගැටුම්වලින් ගාසා තීරයේ 43,616 දෙනෙකු තුවාල ලබා ඇති අතර, 7600 දෙනෙකු අතුරුදන් බව හමාස් පාලන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
    මියගිය පිරිස අතර ළමයින් 7000 දෙනෙකුට වැඩි පිරිසක් සහ කාන්තාවන් 5000 දෙනෙකුට ආසන්න පිරිසක් සිටින බව හමාස් පාලන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

    Latest News