පිලිපීනයේ භූ කම්පනයෙන් ජපානයට වූ බලපෑම

දෙසැ 03, 2023

    ‍‍දකුණු පිලිපීනයේ, “මින්දනාඕ” ප්රිදේශය ආශ්රිීතව ඊයේ පස්වරුවේ ප්රැබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

    එය සටහන්ව ඇත්තේ, රික්ටර් මාපක 7.6 ක් ලෙසයි.

    රික්ටර් මාපක 7.6 ක් වූ පළමු භූ කම්පනයෙන් පසු තවත් භූ කම්පන තත්වයක් හටගෙන ඇති බව, එක්සත් ජනපද භූ විද්යාේ හා සමීක්ෂ්ණ ආයතනය පවසනවා. එය, රික්ටර් මාපක 6.4 ක් ලෙසයි, වාර්තා වන්නේ. කෙසේ වුවද, එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීම් මධ්යේස්ථානය පෙන්වා දෙන්නේ, සුනාමි අවදානම පහව ‍ගොස් ඇති බවයි. .

    එහෙත්, වෙරළබඩ ප්‍රදේශවල මුහුදු මට්ටමේ සුළු උච්චාවචනයන් හට ගතහැකි බැවින්, ඒ ආසන්නයේ සිටින පිරිස් උස් බිම් කරා හෝ රට අභ්‍යන්තරයට හැකි ඉක්මනින් ගමන් කරන ලෙසට දැනුම් දී තිබෙනවා. මේ අතර, ෆැසිපික් අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, ජපානයේ වෙරළබඩ ප්‍රදේශයන්හි අඩි 1.3 ක් පමණ වූ සුනාමි රළ නිරීක්ෂණය වූ බවයි. මේ සම්බන්ධ තුවාලකරුවන් ‍‍හෝ ජීවිත හානි කිසිවක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.

    Latest News