රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායලයට ගියේ ඇයි ?

නොවැ 30, 2023

    අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලයට පැමිණ තිබෙනවා.

    තාවකාලික සටන් විරාමය දීර්ඝ කිරීම සහ ගාසා තීරයට මානුෂීය ආධාර වැඩිකිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සංචාරයේ අරමුණ බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    ගාසා යුද ගැටුම ආරම්භ වූ පසු රාජ්‍ය ලේකම්වරයාගේ තෙවැනි නිල සංචාරය මෙය යි. ඔහු බටහිර ඉවුරේ ද සංචාරය කිරීමට අපේක්‍ෂා කරන බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා‍. තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු නිදහස් කිරීමට හමාස් සංවිධානය පියවර ගෙන තිබෙනවා.

    තායිලන්ත පුරවැසියන් 4 දෙනෙකු ද ඊශ්‍රායලයට නැවත පැමිණ ඇති බවයි, කටාර් රාජ්‍ය ප්‍රකාශ කරන්නේ. ඊශ්‍රායල සිර කඳවුරුවල සිටි පලස්තීනුවන් 30 දෙනෙකු ද නිදහස් කර තිබෙනවා. සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පවතින බවයි, කටාර් රාජ්‍ය‍ය ප්‍රකාශ කරන්නේ. දීර්ඝ කළ දෙදින සටන් විරාමය, එරට වේලාවෙන් අද උදේ 7.00 ට අවසන් වෙනවා. තවමත් ගිවිසුම දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි, වාර්තා වන්නේ.

    Latest News