පලස්තීනුවන් 39කට නිදහස

නොවැ 27, 2023
    ඊශ්රායලය හා හමාස් සංවිධානය අතර සිව් දින සටන් විරාමයේ එකඟතාවන්ට අනුව, හමාස් සංවිධානය, ඊශ්රායල ප්රාණ ඇපකරුවන් 14 දෙනෙකු සහ විදේශීය ජාතිකයින් තිදෙනෙකු නිදහස් කර තිබෙනවා. ඒ අය අතර, ඊශ්රායල සහ අමෙරිකානු ද්විත්ව පුරවැසි භාවය හිමි සිව් හැවිරිදි කුඩා දැරියකද වනවා.

    එම ප්රාණ ඇපකරුවන් නිදහස් කොට ඇත්තේ, ඊශ්රායලය බාරයේ සිටි පලස්තීන සිරකරුවන් 39 දෙනෙකු නිදහස් කිරීමෙන් අනතුරුවයි.

    ඔවුන් නිදහස් කළ අවස්ථාවේ බටහිර ඉවුරේ රාමල්ලාහි වීථිවලට රැස්ව සිටි පලස්තීන ජනතාව ප්රීති ඝෝෂා පැවැත්වූ බව වාර්තා වනවා.
     
    එම 39 දෙනා අතර, වයස අවුරුදු 14 ක් වන පලස්තීන ජාතික දරුවකු ද වන අතර, පසුගිය ගෝස්තු මාසයේදී ඊශ්රායල හමුදාව විසින් ඔහු අත්අඩංගුවට ගැනීමේදී සිදුවූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා ජෙරුසෙලමේ රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලැබූ බවයි වාර්තා වන්නේ.
     
    තවත් ප්රාණ ඇපකරුවන් දස දෙනෙකු නිදහස් කිරීම සදහා තාවකාලික සටන් විරාමය දීර්ඝ කරන බව ඊශ්රායල් අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු අමෙරිකානු ජනාධිපතිවරයාට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News