"උමගක සිරවූ ජීවිත" ඉරණම කෙසේ විස‍ඳෙයිද ?

නොවැ 24, 2023

    ඉන්දියාවේ කඩා වැටුණු උමං මාර්ගයක සිර වී සිටින කම්කරුවන් 41 දෙනා මුදා ගැනීමේ කටයුතු යළි ප්‍රමාදවී ඇති බව, එරට බලධාරීන් පවසනවා.

    කැණීම් සඳහා භාවිත කළ විදුම් යන්ත්‍රයක ඇති වූ දෝෂයක් ඊට හේතුවයි. ඉන්දියාවේ “උත්තරකාන්ද්” ප්‍රාන්තයේ ඉදිකෙරෙමින් පැවති උමං මාර්ගයක්, නාය අනතුරකින් කඩා වැටීම හේතුවෙන්, එහි කම්කරුවන් 41 දෙනෙකු සිරවී සිටිනවා. ඒ, දින 12 ක සිටයි. ඔවුන්ට අවශ්‍ය ඔක්සිජන් මෙන්ම ආහාර සහ ජලය නලයක් මගින් ලබා දීමටයි, පියවර ගෙන ඇත්තේ. කම්කරුවන් මුදා ගැනීමේ මෙහෙයුම අවසන් අදියරට පැමිණ ඇති බව, මුදා ගැනීමේ කණ්ඩායම් සඳහන් කළ ද එය යළි ප්‍රමාද වී ඇත්තේ, කැණීම් කටුයතුවලට යොදා ගත් විදුම් යන්ත්‍රයක ඇති වූ ‍දෝෂයක් හේතුවෙන්. යන්ත්‍රය මේ වන විට අලුත්වැඩියා කෙරෙමින් පවතිනවා. ඒ අනුව, කැණීම් අද යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව, බලධාරීන් පවසනවා.

    Latest News