ඩොමිනිකාවට බලපෑ මහ වැස්ස

නොවැ 20, 2023
    ඩොමිනිකානු රාජ්‍යයට බලපා ඇති අධික වැසි හේතුවෙන් 21 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් දහස් ගණනක් අවතැන්ව සිටින බවයි වාර්තා වන්නේ.

    මියගිය අය අතර කුඩා දරුවන් තිදෙනෙකු ද වනවා. ධාරානිපාත වර්ෂාවත් සමග සැන්ටො ඩොමිනිගෝ අගනුවර අධිවේගී උමං මාර්ගයක තාප්පයක් කඩා වැටීමෙන් 9 දෙනෙකු මියගියා.

    අවතැන්වූවන්ගෙන් දහතුන්දහසකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව ආපදා කළමණාකරන අංශ පවසනවා. අධික වැසි සමග නිවාස 2600 කට පමණ හානි සිදුව තිබෙනවා. විදුලිය සහ දුරකථන මාර්ග විසන්ධිවීම් ප්‍රදේශ රැසකින් වාර්තා වන අතර, පාලම් සහ මහාමාර්ග රැසකට හානි සිදු වුණා. ‍
    පළාත් 32 කට අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර ඇති බව කාලගුණ විද්‍යා අංශ නිවේදනය කරනවා. ඩොමිනිකන් ජනාධිපති ලුවිස් අබ්නාඩර්ගේ උපදෙස් පරිදි සහන සේවා විධිමත් කිරීමට පියවර ගෙන ‍තිබෙනවා.
     
    404442884 833449435453812 8924340100153610479 n
     
    404446562 833449412120481 5682833849944699614 n

    Latest News