ෆැග්‍රඩල් පුපුරා යන්නට ආසන්නයි

නොවැ 14, 2023
    අයිස්ලන්තයේ Fagradal ගිනි කන්ද පුපුරා යාමට ආසන්නයි ! පැය 48 ක් තුළ භූමිකම්පා 1,485 ක් පමණ සිදුවී තිබෙනවා.

    රේක්ජාන්ස් අර්ධද්වීපයේ පමණක් ඊයේ දිනයේදී භූමිකම්පා 500 කට වඩා වැඩි ප්රමාණයක් වාර්තා වී තිබෙනවා. ඇතැම් ස්ථානවල පොළව මීටරයක් පමණ ගිලා බැස තිබෙනවා.

    ගිනිකඳු පිළිබඳ විද්යාඥයින් පවසන්නේ උපකල්පනය කළ තත්වයන්ට වඩා තරමක් තද පිපිරීමක් සිදු වන බවයි.
     
    රේක්ජාන්ස් අර්ධද්වීපයේ කිලෝමීටර් 15ක් දිගැති (සැතපුම් 9ක්) මැග්මා ගංගාවක් නිර්මාණය වී තිබෙනවා.
     
    විද්යාඥයින්ට අනුව අදින් වසර 6344 කට පෙර දැවැන්ත පිපිරීමක සාක්ෂි හමු වී ඇති අතර ක්රි.ව. 12 වන සියවසේදීත් ෆැග්රඩල් විදාරණය වන්නට ඇතැයි භූ විද්යාඥයන් අනුමාන කරනවා.
     
    එම පිපුරුමෙන් පසුව වසර 870ක කාලයක් මෙම ගිනි කන්ද අක්රීය තත්ත්වයේ පැවතුණා. එලෙස අක්රීය තත්ත්වයේ පැවති ගිනි කන්ද යළි සක්රීය තත්ත්වයට පත් වුණේ 2021 මාර්තු මාසයේ දී යි. ඉන් පසුව මෙම ගිනි කන්ද සැප්තැම්බර් මාසය දක්වා ම විටින් විට පුපුරා ගියා.
     
    2022 වසරේ අගෝස්තු මාසයේ නැවතත් ගිනි කන්ද පුපුරා ගියා.
     
    වීඩියෝව සඳහා‍>>>
    Last modified on අඟහරුවාදා, 14 නොවැම්බර් 2023 08:44

    Latest News