අල් ෂිෆා අඩපණ වෙයි

නොවැ 13, 2023
    ගාසා නගරයේ අල් ෂිෆා රෝහල තවදුරටත් රෝහලක් ලෙස ක්රිායාත්මක නොවන බව ලෝක සෞඛ්යෝ සංවිධානය පවසනවා. රෝහල අවට ප්ර.දේශය නිරන්තරයෙන් වෙඩිතැබීම් සහ බෝම්බ ප්ර්හාර එල්ල වීම හේතුවෙන් අවදානමක් තත්වයක පවතින බවයි එම සංවිධානය කියා සිටින්නේ.

    රෝහලේ ප්රරතිකාර ලබන නොමේරූ ළදරුවන් ඇතුළු රෝගීන් ඛේදජනක ලෙස මිය යන බව ලෝක සෞඛ්යබ සංවිධානයේ ප්රනධානී ටෙඩ්රොස් ගේබ්රියයේසස් පවසනවා.

    ඔහු අවධාරණය කරන්නේ, ළදරුවන් ඇතුළු රෝගීන්ගේ ජීවිත රැක ගැනීම සඳහා සටන් විරාමයක් කඩිනමින් ක්රිුයාත්මක කළ යුතු බවයි. රෝහලේ රැඳී සිටින අසරණ ජනතාව ඉවත් කර ගැනීමට ආරක්ෂක ක්ර්මවේදයක් අවශ්යට බවද ලෝක සෞඛ්යන සංවිධානය පෙන්වා දෙනවා.
     
    හමාස් පාලන සෞඛ්ය අමාත්යාංකශය පවසන්නේ, රෝහල තුළ අවම වශයෙන් 2300 දෙනෙකු රැඳී සිටින බවයි. අලුත උපන් බිළිඳුන් 20 දෙනෙකු එහි ශෛල්යාීගාරයේ පසුවන බවද වෛද්යලවරුන් පවසනවා.
     
    ඊශ්රාවයල් හමුදාව පවසන්නේ, එම ළදරුවන් රෝහලෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට තමන් සහය දක්වන බවයි. ඊශ්රාහයල් ජනාධිපති අයි සැක් හර්සෝග් පවසන්නේ, හමාස් සංවිධානයේ මෙහෙයුම් ජාලය රෝහල් ගොඩනැගිල්ල යට පිහිටා ඇති බවයි. ඊශ්රාෙයල් හමුදාව පවසන්නේ, රෝහලට ප්ර හාර එල්ල නොකරන බවයි.

    Latest News