මරණය අතේ තියන් රැය පහන් කරන මිනිසුන්

නොවැ 09, 2023
    ඊශ්රායලය, ගාසා තීරයට ගොඩබිම් ප්රහාර එල්ල කිරීමත් සමග පලස්තීනු සාමාජිකයන් ගාසා නගරයෙන් පලා යමින් සිටිනවා.

    විදෙස් මාධ්ය සඳහන් කරන්නේ, දකුණු ගාසා තීරයට පිවිසුම් මාර්ගය නැවත වරක් විවෘත කිරීමත් සමග ගත වූ පැය 24 තුළ පලස්තීනුවන් 50 ,000 ක් ගාසා නගරයෙන් පිටව ගොස් ඇති බවයි.

    සිය ගොඩබිම් ප්රහාර හමුවේ හමාස් සංවිධානයට ගාසා තීරයේ, උතුරු ප්රදේශයේ පාලනය අහිමි වී ඇති බව, ඊශ්රායල හමුදාව පවසනවා. පවතින තත්වය හමුවේ එහි සිවිල් වැසියන් එම ප්රදේශයෙන් තවදුරටත් පලා යමින් සිටිනවා.
     
    ඊශ්රායලය, ගාසා තීරයේ උතුරු ප්රදේශයේ ජනතාවට, දකුණු ප්රදේශය කරා යාමට නිවේදනය කළේ, එහි ආරක්ෂිත භාවය තහවුරු කරමින්. එහෙත්, උතුරු සහ දකුණු ප්රදේශ දෙකෙහිම මේ වන විට ඊශ්රායල හමුදා ගුවන් ප්රහාර දැඩි කර තිබෙනවා.
     
    එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ, ගාසා තීරයේ දිනෙන් දින වැඩි වන යුද ගැටුම් හමුවේ සිදු වන සිවිල් වැසියන්ගේ මරණ සංඛ්යාව තවදුරටත් ඉහළ යමින් පවතින බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා, ඊශ්රායලයට හා හමාස් සංවිධානයට යුද අපරාධ පිළිබඳ චෝදනා එල්ල කර තිබෙනවා.

    Latest News