ප්‍රාණ ඇප වලට කිරිසප්පයින් පලිද?

ඔක් 27, 2023

    ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ මිය ගිය පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

    එහි පලස්තීනුවන් 7,000 කට වැඩි පිරිසක් සිටින බවයි, ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව, ළමුන් 2,665 දෙනෙකුගේ නම් සමග මිය ගිය එක් එක් පුද්ගලයාගේ නම්, වයස, ස්ත්‍රී- පුරුෂභාවය සහ හැඳුනුම්පත් අංක මෙම  ලැයිස්තුවට ඇතුළත් කොට තිබෙනවා.

    සිරුරු 281 දෙනෙකු තවමත් හඳුනා ගැනීමට නොහැකි මට්ටමක පවතින බැවින්,  එම නම් සඳහන් කර නොමැති බවයි, වාර්තා වන්නේ.

    ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල ආක්‍රමණ මුළු කලාපයම අස්ථාවර කරනු ඇති බවට, හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනීයෙ අනතුරු අඟවා තිබෙනවා.

    Last modified on සිකුරාදා, 27 ඔක්තෝබර් 2023 11:17

    Latest News