ඉරාන ආරක්ෂක බලකායකට ගුවන් ප්‍රහාරයක්

ඔක් 27, 2023

    සිරියාවේ පිහිටුවා ඇති ඉරාන ආරක්ෂක බලකායට අයත් යුද පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන දෙකකට අමෙරිකාව අද ගුවන් ප්‍රහාර එල්ල කළා.  ප්‍රහාරවලින් එම මධ්‍යස්ථාන මුළුමණින්ම විනාශ වූ බවයි පෙන්ටගනය පවසන්නේ.

    ඉරාකයේ සහ සිරියාවේ සිටින ඇමෙරිකානු සෙබලුන් ඉලක්ක කර, ඉරාන සහය ලබන කණ්ඩාමක් පසුගියදා ප්‍රහාර එල්ල කළා. 

    ඊට  ප්‍රතිචාර වශයෙන් මෙය සිදුකල බව පෙන්ටගනය කියා සිටිනවා.  ඉරාකයේ සහ සිරියාවේ සිටින ඇමෙරිකානු සෙබලුන් ඉලක්ක කර එල්ල කෙරුණු රෝකට් ප්‍රහාරවලින්  ඇමෙරිකානු සෙබලුන් 21 දෙනෙකු තුවාල ලැබුවා.  එම රෝකෙට් ප්‍රහාර එල්ල කෙරුණේ, ඇමෙරිකාව අද විනාශ කළ ඉරාන යුද පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන දෙකෙන් බවයි වාර්තා වන්නේ.

    ඉරානයේ සහය ලබන කණ්ඩායම් ඇමෙරිකානු සෙබලුන් වෙත  එල්ල කරන ප්‍රහාර  නතර කළ යුතු බවත් ඊට  නිසි ප්‍රතිචාර දක්වන බවත් ඇමෙරිකානු  ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් කියා සිටිනවා.  

    Latest News