සටන් විරාමයකට එකඟතාවය

ඔක් 16, 2023

    දකුණු ගාසා සඳහා සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

    ඒ අනුව ඊජිප්තුව සිය දේශසීමාව කෙටි කාලයක් සඳහා විවෘත කිරීමටද නියමිතය.

    විදෙස් මාධ්‍ය පැවසුවේ අමෙරිකාවේ සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන් එම සටන් විරාමය සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟවූ බවය.

    එම වාර්තා වල දැක්වුණේ ගාසා තීරයේ කොටුවී සිටින විදෙස් ජාතිකයින්ට ඉන් ඉවත්වීමට සහ මානුෂීය ආධාර රැගත් වාහන සඳහා ඇතුළුවීමට එම සටන් විරාමය දකුණු ගාසා කලාපය සඳහා ක්‍රියාත්මක කරන බවයි.

    එරට වේලාවෙන් උදෑසන 9ට ඒ අනුව ඊජිප්තු දේශසීමාවේ රෆා හුවමාරු දොරටුව විවෘත කෙරෙන බව සඳහන් විය.

    Last modified on සදුදා, 16 ඔක්තෝබර් 2023 15:04

    Latest News