දිනන්න නඩුවක් අහනවනම් මෙන්න ලෝයර්

ඔක් 16, 2023
    නීතිඥයෙක් ලෙස පෙනී සිටිමින්, මහාධිකරණයේ තමා මුහුණ දුන් සියලුම් නඩු ජයග්රහණය කළ ශිෂ්යයෙක්, කෙන්යාවේ දී අත්අඩංගුවට පත් වී තිබෙනවා.
    ඔහු, නඩු 26 කට පෙනී සිට ඇති අතර , එම සියලුම නඩු ඔහු ජයග්රහණය කිරීම විශේෂත්වයක් වනවා.
     
    බ්රයන් ම්වෙන්ඩා නමින් පෙනී සිටි ඔහු, කෙන්යාවේ එම නමින් සිටි නීතිඥයෙක් ලෙස පෙනී සිටිමින් එරට නීතිඥ සංගමයේ ලියා පදිංචිය ද ලබා ගෙන තිබෙනවා.
     
    පසුගිය වසරේ අගෝස්තු මස සිට ඔහු මෙලෙස මහාධිකරණයේ නඩුවලට පෙනී සිට ඇති බවයි, කෙන්යානු නීති සංගමය පවසන්නේ.
     
    පසුගිය මාසයේ ඔහු වැරදි ඊමේල් ලිපිනයක් භාවිත කරමින් කෙන්යානු නීති පද්ධතියට ඇතුල් වීමට උත්සාහ කළ අවස්ථාවේ එය කළ නොහැකි වූ විට තාක්ෂණික සහය ඉල්ලා ඇති අතර, ඔහු පිළිබඳ සැකයක් ඇති වී ඇත්තේ, එම අවස්ථාවේ.
     
    කෙසේ වෙතත්, ඔහු සඳහන් කර ඇත්තේ, නීති විද්යාලයට අඩියක් හෝ නොතබා මෙපමණ ජයග්රහණයක් වාර්තා කිරීම නිසා තමාගේ හැකියාවන් කෙන්යානු අධිකරණ පද්ධතිය විසින් පරික්ෂා කොට තමාට නිසි තැන ලබා දිය යුතු බවයි.

    Latest News