ගාසා ඇවිලෙයි රෝහල් පිරී යයි

ඔක් 12, 2023
    ඊශ්රායල ගුවන් ප්රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන වැසියන් 1100කට අධික ප්රමාණයක් මියගොස් ඇති බව, විදෙස් මාධ්ය වාර්තා කරනවා.
     
    හමාස් සටන්කාමීන් විසින් එල්ල කරන ලද ප්රහාරවලින් මියගිය ඊශ්රායල වැසියන්ගේ සංඛ්යාව 1,200 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
     
    පන්දහස් පන්සීයක අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ගසා බලධාරීන් පවසන්නේ තුවාලකරුවන්ගෙන් ගාසා තීරයේ ඇති රෝහල් පිරී ඇති බවයි.
     
    අද දිනයේත් ඊශ්රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සිටින ස්ථාන රැසකට ගුවන් ප්රහාර එල්ල කර තිබෙනවා.
    එම ප්රාහාරවලින් ගොඩනැගිලි විශාල සංඛ්යාවක් විනාශ වී ඇති බවයි, මාධ්ය වාර්තා කරන්නේ.
     
    එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, ගාසා තීරයේ තුන් ලක්ෂ තිස්දාහකට අධික ප්රමාණයක් අවසන් වී ඇති බවයි.
     
    මේ අතර ගාසා තීරයේ සිටින අමෙරිකානු පුරවැසියන් එම ප්රදේශවලින් සුරක්ෂිතව ඉවත් කර ගැනීමට ඇමරිකානු බලධාරීන් ඊජිප්තු සහ ඊශ්රායලය සමග සාකච්ඡා පවත්වමින් සිටිනවා.

    Latest News