යුද ගිනිදැල් මැද මරණ 2,000 ඉක්මවයි

ඔක් 11, 2023
    හමාස් සංවිධානය එල්ල කළ ප්රහාරවලින් ඊශ්රායලයේ සිදු වූ මරණ සංඛ්යාව 1,200 දක්වා ඉහළ ගොස් ඇති අතර, ගාසා තීරයේ ජීවිතක්ෂයට පත් පලස්තීනුවන් සංඛ්යාව 900 ඉක්මවන බව, විදෙස් මාධ්ය සඳහන් කරනවා.

    මේ අතර, ගාසා දකුණු ඊශ්රායලයේ අෂ්කෙලොන් නගරයේ සිටින ඊශ්රායල වැසියන්ට දැනුම් දී ඇත්තේ, ආරක්ෂිත කාමරවලට වී සිටින ලෙසයි.හමාස් සටන්කාමීන් පිරිසක් ගාසා තීරය ඔස්සේ ඊශ්රායලයට ඇතුල්වීමට උත්සහ දරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබීම ඊට හේතුවයි.සිය සන්නද්ධ හමුදාවන්ගේ සහාය ඇතිව ටෙල් අවිව් නගරයේ සිටින කැනේඩියානු පුරවැසියන් ගුවන් මගින් සිය රටට ගෙන ඒමට සැලසුම් කරන බව, කැනඩා විදේශ අමාත්ය මෙලනි ජොලි පවසනවා.

    ඊශ්රායලයේ කැනේඩියානු ජාතිකයින් 3,200 කට අධික සංඛ්යාවක් සිටින අතර ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ 500 කට ආසන්න පිරිසක් සිටින බව, එරට බලධාරීන් ප්රකාශ කරනවා.
    මේ අතර, එක්සත් ජනපද හමුදා උපකරණ රැගත් පළමු ගුවන් යානය දකුණු ඊශ්රායලයේ නෙවාටිම් ගුවන් කඳවුර වෙත පැමිණ තිබෙනවා.
     
    ඊශ්රායල යුද හමුදාව පවසන්නේ, දෙරට පවතින සහයෝගීතාව, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමේ ප්රධාන ක්රියාමාර්ගයක් මේ තුළින් පිළිබිඹු වන බවයි.
     
    නැගෙනහිර ජෙරුසලමේ දී, ඊශ්රායල පොලිසිය සිදු කළ වෙඩි ප්රහාර හේතුවෙන්, පලස්තීන පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව, අල් ජසීරා පුවත් සේවය සඳහන් කළා.
     
    පලස්තීන වෆා ප්රවෘත්ති ඒජන්සිය සඳහන් කළේ, නැගෙනහිර ජෙරුසලමේ සිල්වාන් නගරයේ පොලීසිය සමග ඇති වූ ගැටුම්වල දී ඔවුන් දෙදෙනා වෙඩි ප්රහාරයට ලක්ව ඇති බවයි.
     
    ගාසා තීරය ආසන්නයේ පිහිටි අෂ්කෙලෝන්හි කාර්මික ප්රදේශයේ සන්නද්ධ හමුදා සහ හමාස් සටන්කාමීන් අතර වෙඩි හුවමාරුවක දී, හමාස් සටන් කාමීන් 4 දෙනෙකු මරණයට පත්ව ඇති බව, ඊශ්රායල හමුදාව පවසනවා.
     
    ගාසා තීරයට අඛණ්ඩව ඊශ්රායල ප්රහාර සිදුවෙමින් පවතින අතර ගසා තිරයේ ගොඩනැගිලි රැසක් විනා වී ගොසින්.
     
    ප්රහාරය හේතුවෙන්, වෛද්ය සහ සිවිල් ආරක්ෂක කණ්ඩායම්වලට එම ප්රදේශයට ප්රවේශ වීමට නොහැවී වී තිබෙනවා.
     
    බොහෝ පිරිසක් සුන්බුන් යට සිරවී ඇති බවයි වාර්තා වන්නේ.
     
    පලස්තීනුවන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසන්නේ, ඊශ්රායල ගුවන් ප්රහාර හේතුවෙන් එහි මූලස්ථානයට සැලකිය යුතු හානියක් සිදුව ඇති බවයි.
     
    ගාසා තීරයේ සිටින සියලුම එක්සත් ජාතීන්ගේ ජාත්යන්තර කාර්ය මණ්ඩලය එම ප්රදේශය තුළම වෙනත් ගොඩනැගිල්ලක නවාතැන් ගෙන සිටින බව, පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
     
    ගාසා තීරයේ අවතැන් විය හැකි බවට එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු ගත පුද්ගලයන් 187,500 න් 137,000 කට වැඩි පිරිසක් ගාසා තීරය හරහා පලස්තීනුවන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ ඒජන්සියට අයත් පාසල් 80 කට වැඩි ගණනක නවාතැන් ගෙන සිටිනවා.
     
    අවතැන් වූ සිවිල් වැසියන්ට රැකවරණ සපයන පාසල් ඇතුළු ගොඩනැගිලි 18 කට ගුවන් ප්රහාර හේතුවෙන් සෘජුව හෝ වක්රව හානි සිදුව ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

    Latest News