පලස්තීන මරණ සංඛ්‍යාව ඉහළට

ඔක් 10, 2023
     ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන්ගේ සංඛ්‍යාව 704 දක්වා ඉහළ ගොස් ඇති බව, ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
    මේ අතර, ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව හමාස් සංවිධානයේ ප්‍රහාර හේතුවෙන් පුදගලයින් 900 පමණ මියගොස් ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශ්‍යය පවසන්නේ
    මියගිය 704 දෙනා අතරේ ළමුන් 143 ක් සහ කාන්තාවන් 105 ක් සිටින බවයි. තුවාල ලැබූ සංඛ්‍යාව 4,000 දක්වා ඉහළ ගොස් ඇති බව පවසනවා.
    ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, වෙන වෙනම අවම වශයෙන් ඊශ්‍රායල ජාතිකයින් 900 ක් මිය ගොස් තවත් 2,600 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
    ගාසා තීරයේ නේවාසික ගොඩනැගිල්ලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හේතුවෙන් මාධ්‍යවේදීන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු මිය ගොස් ඇති බවට අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.
    නේවාසික ගොඩනැගිල්ලක් ඉලක්ක කර ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කරන අයුරු රූගත කරමින් සිටියදී සයීඩ් අල්-තවීල් සහ මොහොමඩ් සෝබ් යන මාධ්‍යවේදීන් දෙදෙනා මෙසේ මියගොස් තිබෙනවා. ...2.
    Last modified on අඟහරුවාදා, 10 ඔක්තෝබර් 2023 11:55

    Latest News