යුක්රේන ආරක්ෂන ඇමති ධූරයෙන් නෙරපයි

සැප් 04, 2023

    යුක්රේනයේ ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් සිය ධූරයෙන් නෙරපා හැර ඇති බව ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි නිවේදනය කළා.

    2022 පෙබරවාරි මාසයේදී රුසියාවේ ආක්‍රමණය ආරම්භ වීමට පෙර සිටම රෙස්නිකොව් මහතා අමාත්‍යාංශය මෙහෙයවූවා.
    නමුත් සිය දේශනයකදී ජනාධිපති සෙලෙන්ස්කි පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ “නව ප්‍රවේශයන්” සඳහා කාලය එළඹ ඇති බවයි.රෙස්නිකෝව් ගේ අනුප්‍රාප්තිකයා ලෙස යුක්රේනයේ රාජ්‍ය දේපල අරමුදල පවත්වාගෙන යන රුස්ටම් උමෙරොව්, සෙලෙන්ස්කි විසින් නව ආරක්ෂක ඇමති ධූරයට නම් කර තිබෙනවා.
    අමාත්‍යාංශයට නව ප්‍රවේශයන් සහ හමුදාව සහ සමස්ත සමාජය සමඟ අන්තර්ක්‍රියා කිරීමේ වෙනත් ආකෘති අවශ්‍ය බව යුක්රේන ජනාධිපතිවරයා කියෙව් අගනුවර සිට සිය දේශනයකදී පවසා තිබෙනවා.
    රෙස්නිකොව් මහතා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් සමඟ යහපත් සබඳතා ගොඩනගාගෙන ඇති බැවින් ඔහු ලන්ඩනයේ නව තානාපතිවරයා බවට පත්වනු ඇති බව යුක්රේන මාධ්‍ය අනුමාන කරනවා.

    Latest News