පකිස්තානයේ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ගණන 44 දක්වා ඉහළට

ජූලි 31, 2023

    පකිස්තානයේ වයඹදිග බාජෝර් දිස්ත්‍රික්කයේ දේශපාලන රැලියක් අතරතුර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    තවත් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

    ජමියාත් උලේමා ස්ලාමී ෆසාල් පාක්ෂයේ රැලියක් අතරතුර මෙම පිපිරීම සිදුව තිබෙනවා. එම පක්ෂයේ නායකයෙකු වන මවුලානා සියාවුල්ලා ද මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. 15 දෙනෙකුගේ තත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව රෝහල් බලධාරීන් පවසනවා. පිපිරීම සිදුවන අවස්ථාවේ 400 කට වැඩි පිරිසක් එහි සිට තිබෙනවා. තුවාලකරුවන් ගිලන් රථ හා හෙලිකොප්ටර් මගින් පෙෂාවර් නගරයේ රෝහල් වෙත ගෙන ගිය බවයි , විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ප්‍රහාරයේ අරමුණ කුමක්දැයි මෙතෙක් හෙළි වී නැහැ. එම ප්‍රදේශය ආරක්ෂක කලාපයක් ප්‍රකාශයට පත් කර විමර්ශන සිදු කෙරෙනවා.

    Latest News