ටයිටැනික් කෞකාවේ සුන්බුන්වලට අඩි 1500ක් පමණ ආසන්නයේ තිබී මෙම සබ්මර්සිබලයේ කොටස් 5ක් සොයා ගත් බව එම දෙපාර්තමේන්තුවේ රියර් අද්මිරාල් ජෝන් මෝගර් ප්රකාශ කර තිබේ.
අදාළ යාත්රාව පිපිරීමකට ලක්වී ඇති බවට ඔහු සඳහන් කර ඇත.
ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් නීරීක්ෂණය සඳහා අදාළ සබ්මර්සිබලය පසුගිය ඉරිදා අත්ලාන්තික් සාගරය වෙත පිටත්වී ගොස් තිබුණි.
පැය එකහමාරකට පමණ පසු එම සබ්මර්සිබලය සමග පැවති සබඳතා බිඳ වැටුණු බව එම ගමන සංවිධානය කළ ඕෂන් ගේට් සමාගම පැවසීය.
අදාළ යාත්රාවේ පුද්ගලයින් 5 දෙනෙකු ගමන් කර තිබුණි.