අමෙරිකාවේ ප්‍රධාන උද්ධමන දර්ශකයක් ඉහළට

මැයි 27, 2023

    අමෙරිකාවේ උද්ධමනය පිළිබඳ ප්‍රධාන දර්ශකයක් ඉකුත් අප්‍රේල් මාසයේදී ඉහළ ගොස් ඇති බව, ඊයේ නිකුත් කළ නවතම ආර්ථික දත්ත වාර්තාවක් පෙන්වා දෙනවා.

     ඉහළ යන උද්ධමනය අමෙරිකානු මහ බැංකුවේ පොලී අනුපාත සම්බන්ධ තීරණ තවදුරටත් සංකීර්ණ කරනු ඇති බවයි එරට ආර්ථික විශේඥයින් පවසන්නේ.

    ඉකුත් අප්‍රේල් මාසයේදී අමෙරිකාවේ පාරිභෝගික වියදම් ද යළි ඉහළ ගොස් ඇති බව, නවතම ආර්ථික දත්ත වාර්තාව සඳහන් කරනවා. ඉකුත් මාර්තු මස සිට අප්‍රේල් මස දක්වා එරට භාණ්ඩ මිල ගණන් සියයට 0.4 කින් ඉහළ ගොස් තිබෙනවා. ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ, එම අගය ඊට පෙර මාසයේදී මිල ඉහළ යාමට වඩා‍ බෙහෙවින් වැඩි බවයි. භාණ්ඩ මිල ඉහළ ගියද අමෙරිකානුවන්ගේ පාරිභෝගික වියදම්හි අඩුවක් දක්නට නොමැති බවයි, එම වාර්තාව සඳහන් කරන්නේ. නව මෝටර් රථ මිලදී ගැනීම සඳහා එරට ජනතාව අධික ලෙස වියදම් කර ඇති බව, එහි සඳහන්. ඊට අමතරව අමෙරිකානුවන්, පරිගණක, ඉන්ධන සහ ඇඳුම් මිලදී ගැනීම සඳහා ද ඉකුත් මාසවලදී වැඩි වශයෙන් වියදම් සිදුකර ඇති බවයි නව ආර්ථික දත්ත වාර්තාව පෙන්වා දෙන්නේ.

    Latest News