යුක්‍රේනයේ වෛද්‍ය සායනයකට රුසියානු මිසයිල ප්‍රහාරයක්

මැයි 27, 2023

    නැගෙනහිර යුක්‍රේනයේ ‘නිප්‍රෝ‘ නගරයේ වෛද්‍ය සායනයකට රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    ඉන් පුද්ගලයන් දෙදෙනෙකු මියගිය බවයි, යුක්‍රේන බලධාරීන් පවසන්නේ.

    රුසියානු මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයන් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව යුක්‍රේන බලධාරීන් සඳහන් කරනවා. තුවාල ලැබූ පිරිස අතර වයස අවුරුදු 3 ක සහ 6 ක පිරිමි දරුවන් දෙදෙනෙකු ද සිටිනවා. යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කරන්නේ, මෙම ප්‍රහාරය සාහසික ක්‍රියාවක් බවයි. මෑත සතිවලදී රුසියානු ප්‍රහාර දැඩි කර ඇති බව පෙන්වා දෙන යුක්‍රේන බලධාරීන් පවසන්නේ, එක් රැයකදී රුසියානු හමුදාව එල්ල කළ මිසයිල 17 ක් සහ ‍ඩ්‍රෝන යානා 31 ක් බිම හෙළීමට සිය හමුදාවන් සමත්ව ඇති බවයි. ඉන්ධන ගබඩාවක් ඇතුළුව ‘නිප්‍රෝ‘ සහ ‘කාකිව්’ යන නගරවල ඉලක්ක කිහිපයකට රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙනවා.

    Latest News