ඔස්ට්‍රේලියාවේ අහස උසට යන ජීවන වියදම

ඔක් 26, 2022

    ඔස්ට්‍රේලියාවේ උද්ධමනය  වාර් තාගත  ඉහළ යාමක් පෙන්නුම් කරනවා. එය ඉකුත් කාර් තුව තුළ වසර 32ක ඉහළම අගය කරා පැමිණ ඇති බවයි, වාර් තා වන්නේ.

    නිවාස ඉදිකිරීම් සහ ගෑස් මිල කැපීපෙනෙන වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා. එරට මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමීමේ ප්‍රතිඵලයක් ලෙසයි, මෙලෙස ජීවන වියදම ඉහළ යමින් පවතින්නේ.

    ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර් යාංශයේ දත්තවලට අනුව එරට පාරිභෝගික මිල දර්ශකය, ඉකුත් සැප්තැම්බර් මාසය අවසානය වන විට සියයට 1.8 කින් ඉහළ ගොස් තිබෙනවා.

    කෙසේ වුවද, වෙළෙඳපොළ විශ්‍ලේෂකයන් අනුමාන කර තිබුණේ, සියයට 1.6ක වැඩි වීමක් පමණයි. වාර්ෂික පොලී අනුපාතය ද සියයට 6.1ක සිට 7.3 දක්වා ඉහළ දමා තිබෙනවා. එය 1990 න් පසු වාර්තා වූ ඉහළම පොලී අනුපාතයයි.

    එරට වැටුප් වර්ධනය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි පොලී අනුපාතයක් ලෙස එම අගය සැලකෙනවා.

    Last modified on බදාදා, 26 ඔක්තෝබර් 2022 11:31

    Latest News