යුක්‍රේනයේ, රුසියානු පාලනයට නතු වූ ප්‍රදේශවල ජනමත විචාරණයක්

සැප් 23, 2022

    යුක්‍රේනයේ රුසියානු පාලනයට නතු වූ ප්‍රදේශවල බලය රුසියාවට ලබාදීම සඳහා වන ජනමත විචාරණයක් අද ආරම්භ වුණා.

    මෙම ජනමත විචාරණයේ ප්‍රතිඵල අනුව, 2014 වසරේ ක්‍රිමියාව, රුසියානු පාලයනට ලබා ගත් ආකාරයට එම ප්‍රදේශවල පාලනයත් රුසියාව යටතට ලබා ගැනීමට රුසියානු රජය බලාපොරොත්තු වනවා.

    ජනමත විචාරණය යුක්‍රේනයේ ප්‍රදේශ 4 ක පැවැත්වෙනවා. එම ප්‍රදේශ 4 ම පසුගිය පෙබරවාරි මස ආරම්භ වූ රුසියානු ආක්‍රමණයෙන් පසුව අත්පත් කර ගත් ප්‍රදේශ වනවා. යුක්‍රේනයට අයත් වන ඩොනෙට්ස්ක්, ලුහාන්ස්, සපුරීෂියා සහ කර්සන් යන ප්‍රදේශවල මෙම ජනමත විචාරණය පවත් වනවා. මෙම ප්‍රදේශ යුක්‍රේන භූමියෙන් සියයට 15 ක විශාලත්වයකින් යුක්ත වනවා. භූමි ප්‍රමාණය අතින් ගත් කළ මෙම ප්‍රදේශය හංගේරියාව තරම් විශාල ප්‍රදේශයක් බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ජනමත විචාරණයේ දින 5 ක් පුරා පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත්, මීට බටහිර රටවල දැඩි විරෝධය පළ වී ඇති අතර, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සඳහන් කරන්නේ, එය ඉතා භයානක පියවරක් බවයි.

    Latest News