ලෙබනනයේ ආර්ථික අර්බුදය උග්‍ර අතට

සැප් 23, 2022

    ලෙබනනයේ ආර්ථික අර්බුදය මේ වන විට දැඩි ලෙස උග්‍ර වී ඇති බව, වාර්තා වනවා.

    එරට බැංකු පද්ධතිය මූල්‍ය අර්බුදය හේතුවෙන් වසා දමා ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    ලෙබනනයේ බැංකු සියල්ලම යළි විවෘත කරන දිනයක් දැනුම් දීමෙන් තොරවම වසා දැමීම හේතුවන් ජනතාව කෝපයට පත් වී සිටිනවා. බොහෝදෙනා තම මුදල් ලබා ගැනීමට බැංකු වෙත පැමිණියත්, ඒවා වසා තිබීම හේතුවෙන් ඔවුන් බැංකු කඩා බිඳ දමා විරෝධය පළ කරමින් සිටිනවා. ලෙබනනයේ ජනතාවගෙන් සියයට 80 කට වැඩි පිරිසකට ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොලැබෙන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. ලෙබනනය, මේ වන විට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති අතර, ඉදිරියේදී තවත් අර්බුද රැසක් ඇති විය හැකි බවයි, විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ.

    Latest News