අමෙරිකානු මහ බැංකුව එරට පොලී අනුපාතය ඉහළ දමයි...

සැප් 22, 2022

    අමෙරිකානු මහ බැංකුව එරට පොලී අනුපාතය ඉහළ දමා තිබෙනවා.

    මෙය, එරට වසර 15 කට පසු වාර්තා වූ ඉහළම පොලී අනුපාතය බවයි, වාර්තා වන්නේ. ඉහළයමින් පවතින උද්ධමනය පාලනය කිරීම සඳහා මෙලෙස ෆෙඩරල් සංචිත පද්ධතිය හෙවත් අමෙරිකා මහ බැංකුව නිවේදනය කළේ, එහි ප්‍රධාන පොලී අනුපාතය තවත් 0.75 ක ප්‍රතිශතයකින් ඉහළ නංවන බවයි. ඒ අනුව, එරට පොලී අනුපාතය සියයට 3 ත් 3.25 ත් දක්වා ඉහළ යනු ඇති. මෙම තීරණයත් සමග ණය ගැනීමේ පිරිවැයද තවත් වැඩි වනු ඇතැයි, අපේක්ෂා කෙරෙනවා.

    ෆෙඩරල් සංචිතයේ සභාපති ජෙරම් පවෙල් ප්‍රකාශ කළේ, ඉල්ලුම මන්දගාමී කිරීමට ආර්ථිකයට බලපා තිබෙන තීරණය ලිහිල් කිරීමට සහ ආර්ථිකයේ දිගු කාලීන හානිය වළක්වා ගැනීමට පොලී අනුපාතය ඉහළ දැමීමට අවශ්‍ය බවයි. කෙසේ වුවද එරට ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, උද්ධමනය පාලනය කිරීමට පොලී අනුපාතය ඉහළ නැංවීමෙන් දරුණු ආර්ථික පසුබෑමක් ඇති විය හැකි බවයි. මේ අතර, බ්‍රිතාන්‍යයේ නාගරික නොවන ප්‍රදේශවල ජීවන වියදම සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.

    රට තුළ සම්පත් බෙදාහැරීම පිළිබඳව කළ සමීක්ෂණයක් මගින් ඒ සම්බන්ධ නවතම වාර්තා එළිදක්වා ඇති බව, බ්‍රිතාන්‍ය රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා. නාගරික ප්‍රදේශවලට වඩා සෞඛ්‍ය, නිවාස හා ගමනාගමනය සඳහා යන වියදම් ඉහළ යාම නාගරික නොවන ප්‍රදේශවල ජනතාවට ප්‍රබල ලෙස බලපා තිබෙනවා. නාගරික නොවන ප්‍රදේශවල ජනතාවගේ ආදායම්, නාගරික ප්‍රදේශයන්හි ජනතාවට වඩා අඩු අගයක් ගන්නා අතර, එම නිසා ඉහළ යන ජීවන වියදමට මුහුණදීමට අවශ්‍ය මුල්‍ය ශක්තියක් නාගරික නොවන ජනතාව හට නොමැති බවයි, වාර් තා වන්නේ. නිවාස මිල පමණක් ලන්ඩන් නගරය තුළ 40% කින් ඉහළ ගොසින්. ඊට සාපේක්ෂව නාගරික ‍නොවන ප්‍රදේශවල 55%කින් නිවාස සඳහා වියදම් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. බ්‍රිතාන්‍ය තුළ කොරෝනා වසංගතයේ බලපෑමත් සමඟ මෙලෙස උද්ධමනය ඉහළයාම ආරම්භ වූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

    Latest News