ලෙබනනයේ බැංකු දින නියමයක් නොමැතිව වසා දැමේ

සැප් 22, 2022

    ලෙබනනයේ බැංකු දින නියමයක් නොමැතිව වසා තබන බව, එරට බැංකු සංගමය පවසනවා. ඒ, එරට බැංකුවල ආරක්‍ෂාව තහවුරු කිරීමට එරට රජයට නොහැකි වීම හේතුවෙන් බවයි, එම සංගමය චෝදනා කරන්නේ.  

    ලෙබනන් බැංකු සංගමය නිවේදනය  කළේ, පසුගිය සතියේ ඉතුරුම් සඳහා ප්‍රවේශය ඉල්ලා ගනුදෙනුකරුවන් විසින් බැංකු ඉලක්ක කර ගෙන වැටලීම් මාලාවක් කිරීමත් සමගම දින නියමයක් නොමැතිව ලෙබනනයේ තිබෙන සියලු බැංකු වසා තබන බවයි.

    බැංකු ගනුදෙනු කිරීමේ දී  තම සේවකයින් වඩාත් අවදානමකට ලක් විය හැකි බැවින් ඔවුන් ආරක්ෂාව සඳහා මෙම පියවර ගත් බව, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් . ඉකුත් සතියේ සෙල්ලම් තුවක්කුවක් අතැතිව කාන්තාවක් පවුලේ වෛද්‍ය බිල්පත් ගෙවීම සඳහා ලෙබනන් බැංකුවට කඩා වැදී එහි සේවකයින් බියගන්නා ඩොලර් 13,000 ක් රැගෙන ගියා.

    ඉකුත් සතියේ මෙවන් බැංකුවලට කඩා  වැදී මුදල් බලහත්කාරයෙන් ‍රැගෙන යාමේ සිද්ධි රැසක් වාර්තා වුණා. කෙ‍සේ වෙතත් බැංකු සඳහා නියමිත ආරක්ෂාවක් ලබා දීමට එරට රජය අපොහොසත් වී තිබෙනවා. ලෙබනනය දැඩි ආර්ථික අර්බුදයක සිටින අතර, ජනගහනයෙන් සියයට 80 කට වඩා ආහාර හා ඖෂධ ලබා ගැනීමට අරගල කරමින් සිටිනවා.

    වෙනත් මුදල් ඒකකවලට වඩා ලෙබනන් පවුමේ අගය පහත වැටීමත්, උද්ධමනය ඉහළ යාමත් හේතු‍කොට ගෙන 2019 සිට එරට බැංකුවලින් ඩොලර් නිකුත් කිරීම සීමා කර තිබෙනවා.

    Latest News