යුක්‍රේනය ආක්‍රමණයට රුසියාවට දඩුවමක්ද?

සැප් 22, 2022

    යුක්‍රේනය ආක්‍රමනය කිරීම සම්බන්ධයෙන් රුසියාවට දඬුවමකට මුහුණ දීමට සිදු වන බව යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කි පවසනවා. 

    ඔහු මේ බව කියා සිටියේ, නි‍ව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ 77 වැනි මහා මණ්ඩල සැසිවාරය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්. 

    ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කි එම සමුළුවේදී ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියේ, රුසියාවට එරෙහිව යුද අපරාධ පිළිබඳව අධිකරණයක් ස්ථාපනය කරන ලෙසයි.

    එම යුද අපරාධ අධිකරණය මගින් යම් රටක භූමිය අත්පත් කර ගැනීම සහ මිනිසුන් දහස් ගණනක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් රුසියාවට දඬුවම් දියයුතු බව අවධාරණය කළා.  යුක්‍රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, රුසියානු ආක්‍රමණය නීති විරෝධී බැවින් ලොවට මෙමගින් විනාශකාරී ප්‍රතිඵල අත්කර දුන් බවයි. 

    Last modified on බ්‍රහස්පතින්දා, 22 සැප්තැම්බර් 2022 10:47

    Latest News