සෑම තත්පර 4 කට වරක්ම ලොව පුද්ගලයෙකු කුසගින්නෙන් මරුට...

සැප් 21, 2022

    සෑම තත්පර 4 කට වරක්ම ලොව පුද්ගලයෙකු කුසගින්නෙන් මිය යන බව, රාජ්‍ය නොවන සංවිධානයක් වන “ඔක්ස්ෆැම්” ආයතනය පවසනවා.

    ඔවුන් මේ බව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසි වාරයට ‍සහභාගී වී සිටින ලෝක නායකයින්ට දැන්වීමට ද පියවර ගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය සඳහා නිව්යෝර්ක් නගරයට ‍රැස්වී සිටින ලෝක නායකයින්ට විවෘත ලිපියක් නිතුත් කරමින් “ඔක්ස්ෆැම්” ආයතනය මේ බව දන්වා තිබෙනවා.

    එම ආයතනය පවසන්නේ, රාජ්‍ය නොවන සංවිධාන 238 ක්  විසින් කරන ලද සමීක්‍ෂණයකින් හෙළි වී ඇත්තේ, සෑම තත්පර 4 කට වරක්ම පුද්ගලයෙකු කුසගින්නෙන් මිය යන බවයි. ලොව මිලියන 345 ක ජනතාවක් දැඩි උග්‍ර සාගින්නෙන් පෙළෙමින් තිබේ. 2019 වසරේ සිට එය දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බව, ඔක්ස්ෆැම් ආයතනය නිකුත් කළ ලිපියේ සඳහන්.

    Latest News